New South Wales හි ප්‍රාදේශීය ප්‍රදේශයක මාර්ගයක් අසල තිබී හමු වූ සූට්කේසයක තිබූ ශරීර කොටස් මිනිස් සිරුරක කොටස් නොවන බව NSW පොලීසිය තහවුරු කර තිබෙනවා.
NSW Southern Tablelands හි Oallen නමැති කුඩා ගම්මානය අසල Wolgon මාර්ගයෙහි තිබී මෙම සූට්කේසය සොයාගෙන ඇත්තේ සති අන්තයේ විනෝද ගමනක නිරත වූ යුවළක් විසින්. ආරම්භයේදී මෙය කාන්තාවකගේ මෘත ශරීරයක් බවට සැක කළද, පසුව සිදුකළ පරීක්ෂණවලදී එය මිනිස් සිරුරක් නොවන බව තහවුරු වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු අපරාධමය සැකයක් මතුව නොමැති අතර, අදාළ සූට්කේසය එතැනට පැමිණි ආකාරය සොයා NSW පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.



