Western Australia හි North West Coastal Highway හි, Hamelin Pool ආසන්නයේ සිදුවූ බරපතල රථවාහන අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය සඳුදා උදෑසන RAM වර්ගයේ මෝටර් රථයක් සහ Toyota Landcruiser රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, රථ දෙකෙහි පැමිණි අවුරුදු 60 ක් සහ 45 ක් වයසැති රියදුරන් දෙදෙනාම සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය බවයි පොලීසිය තහවුරු කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ 12 හැවිරිදි දැරියක සහ 50 හැවිරිදි කාන්තාවක Royal Flying Doctor Service ගුවන් ගිලන්රථ මගින් Perth Children’s Hospital සහ Royal Perth Hospital වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය තවමත් අතිශය බරපතල බව වාර්තා වනවා. මීට අමතරව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා Perth වෙත ගුවන් මගින් ගෙනගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් Major Crash කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, එම ප්‍රදේශයේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමටද පියවර ගෙන තිබෙනවා.