North Wollongong හි Cliff මාර්ගය ආසන්න වෙරළ තීරයේ අතහැර දමා තිබූ පෞද්ගලික භාණ්ඩ කිහිපයක් හමුවීමත් සමඟ ආරම්භ කළ සෙවුම් මෙහෙයුමකින් පසු, අතුරුදහන්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

Wollongong පොලිස් බලප්‍රදේශය, නාවික පොලිස් ඒකකය සහ NSW වෙරළාරක්ෂක සංගමය එක්ව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ සෙවුම් මෙහෙයුමකින් පසුවයි ආසන්න මුහුදේ තිබී මෙම සිරුර සොයාගෙන ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 32 ක් වයසැති පුද්ගලයෙකු බවට විශ්වාස කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරීක්ෂකවරයා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.