Sydney හි Norwest ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් 11 හැවිරිදි පිරිමි ළමයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේ සිදුවීම පිටුපස සංවිධානාත්මක අපරාධ කල්ලිවල සබඳතාවයක් පවතීදැයි NSW පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මුහුණට සහ ගෙල ප්‍රදේශයට වෙඩි වැදී ඇති මෙම කුඩා ළමයා මේ වන විට Westmead Children’s hospital හි දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් අතර සටනක නිරත වන බවයි වාර්තා වන්නේ. සිදුවීම වන අවස්ථාවේ නිවසේ සිටි එක් අයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් පරීක්ෂණ සඳහා සහාය නොදක්වන බව පොලිසිය පවසනවා.

මෙම සිදුවීමත් සමඟ Sydney හි නීති විරෝධී ගිනිඅවි භාවිතය සහ ආරක්ෂාව පිළිබඳව නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.