ඕස්ට්‍රේලියාවේ NSW හි Southern Highlands ප්‍රදේශයේ පිහිටි Nattai National Park හි පාගමනක් සඳහා ගොස් අතුරුදහන් වූ 18 හැවිරිදි Lily Hooper නමැති තරුණිය සෙවීම සඳහා මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

පසුගිය ගෝස්තු 12 වන බදාදා පෙරවරු 8.00ට පමණ Oakdale ප්‍රදේශයේදී අවසන් වරට දක්නට ලැබුණු ඇය, Hike එකක් සඳහා පිටත්ව යාමෙන් පසු මෙලෙස අතුරුදහන් වී තිබෙනවා. ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් Hume Police District බලප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සහ පවුලේ ඥාතීන් ඇගේ ආරක්ෂාව පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරනවා.

මේ වන විට Wanganderry මාර්ගයෙහි පිහිටි Bonnum Pic Walking Trail අසල තිබී ඇගේ රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

NSW Police, SES, Lifesaver 21 හෙලිකොප්ටර් යානා ඇතුළු Rescue කණ්ඩායම් එකතු වී සිකුරාදා උදෑසන සිටම අදාළ ප්‍රදේශයේ පරීක්ෂණ පවත්වනවා. Lily පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් හෝ ඊයේ දිනයේ Bonnum Pic Walking Trail හි ගමන් කළ අයෙක් වේ නම්, Moss Vale පොලිස් ස්ථානය වෙත හෝ Crime Stoppers වෙත වහාම දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන්