ජීවන වියදම් අර්බුදය උත්සන්න වීමත් සමඟ ඉන්ධන මිල ඉහළ යාමට වඩා, මුදල් නොගෙවා ඉන්ධන ලබාගෙන පලා යෑමේ අපරාධ මේ වන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
NSW Bureau of Crime Statistics වාර්තාව පෙන්වා දෙන්නේ, ජීවන වියදම 1% කින් ඉහළ යාමක් සිදුවන විට, ඉන්ධන සොරකම් 6% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. කොවිඩ් වසංගතයෙන් පසු ඉන්ධන මිල සාමාන්‍ය මට්ටමක පැවතුණද, මෙම සොරකම් අඛණ්ඩව ඉහළ යාම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, මෙතරම් සොරකම් සිදුවුවද පොලිසියට අසුවන්නේ ඉන් 4%ත් 8%ත් අතර ඉතා අඩු ප්‍රමාණයක් පමණක් බවත්, වැරදිකරුවන්ට නීතියෙන් බේරී යා හැකි නිසා මෙම අපරාධ තවදුරටත් පුළුල් වෙමින් පවතින බවත් එහි විධායක අධ්‍යක්ෂ Jackie Fitzgerald සඳහන් කරනවා.
මෙම තත්ත්වයට පිළියමක් ලෙස, ඉන්ධන ලබා ගැනීමට ප්‍රථම මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් (pay-before-you-pump) අනුගමනය කිරීම වඩාත් සුදුසු බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.



