2027 NSW මැතිවරණයේදී Manly ආසනය සඳහා ස්වාධීන අපේක්ෂිකාවක ලෙස තරඟ කරන බව Elouise Massa ප්‍රකාශ කර තිබෙනවා. ඒ, එම ආසනය නියෝජනය කළ Liberal පක්ෂයේ James Griffin ඉදිරි මැතිවරණයට තරඟ නොකරන බව ප්‍රකාශ කිරීමත් සමඟයි.

2024 වසරේදී සිදුවූ ඇගේ පුතු Joe ගේ අකල් මරණයෙන් පසුව, Northern Beaches Hospital රජයට පවරා ගන්නා ලෙසත්, රෝහල් පද්ධතියේ ප්‍රතිසංස්කරණ ඇති කරන ලෙසත් ඉල්ලමින් ඇය ගෙනගිය ජනප්‍රිය ප්‍රචාරණ ව්‍යාපාරය නිසා Elouise Massa ජනතාව අතර බෙහෙවින් ප්‍රකටයි.

වසර 20 කට ආසන්න කාලයක් Liberal පක්ෂය සතුව පැවති Manly ආසනය වෙනුවෙන් මෙතෙක් නව අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නොමැති අතර, පක්ෂ දේශපාලනයෙන් තොරව ජනතා හඬ පාර්ලිමේන්තුවට ගෙන යාම සිය අරමුණ බවයි Elouise Massa වැඩිදුරටත් සඳහන් කළේ.