ඉදිරියේදී පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා One Nation පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයින් 8 දෙනෙකුගේ නාමලේඛනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, Victoria ප්‍රාන්තයේ One Nation පක්ෂ නායකයා ලෙස Warren Pickering පත්කර ඇති අතර, පසුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වූ විශේෂිත පුද්ගලයින් කිහිපදෙනෙකුම මෙවර ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහා තරග කිරීමට නාමයෝජනා ලබාගෙන තිබීම විශේෂත්වයක්.

Liberal පක්ෂයෙන් ඉල්ලා අස්වූ Colleen Harkin, ජනප්‍රිය Cartoons නිර්මාණකරුවෙකු වන Mark Nicholson, Covid සමයේ හිටපු අගමැති Daniel Andrews ගේ ආරක්ෂක කණ්ඩායමේ සේවය කළ හිටපු පොලිස් නිලධාරියෙකු වන Chris Burson සහ වත්මන් මන්ත්‍රීවරියක වන Rikkie-Lee Tyrrell ද ඒ අතර වනවා.

මීට අමතරව Fiona Lopez, Aaron Sanford සහ Natalie Adams යන අයද මෙවර One Nation පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ සටනට පිවිසීමට නියමිතයි.