ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Andrew Hastie පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාවාදෙන්නෙකු ලෙස හඳුන්වමින් One Nation පක්ෂයේ නායිකා Pauline Hanson සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන කාටූන් වීඩියෝවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

හිටපු SAS හමුදා නිලධාරියෙකු වන Andrew Hastie ට සිදුකළ මෙම අපහාසය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක්ම Pauline Hanson ව දැඩි ලෙස විවේචනය කර සිටියා. විපක්ෂ නායක Angus Taylor මෙන්ම ස්වාධීන සෙනෙට් සභික Jacqui Lambie ද ප්‍රකාශ කළේ මෙම වීඩියෝව වහාම සමාජ මාධ්‍යවලින් ඉවත් කරගත යුතු බවයි.

කෙසේවෙතත්, මෙම වීඩියෝව ඉවත් කරගැනීම Pauline Hanson විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයන්ගේ සහය ලබන Hanson ට එරෙහිව දීර්ඝ අධිකරණ ක්‍රියාමාර්ගවලට නොයන බවත්, ඇයට එරෙහිව දේශපාලනමය වශයෙන් දැඩි පියවර ගන්නා බවත් Andrew Hastie වැඩිදුරටත් සඳහන් කළා.