Pauline Hanson සහ ඇගේ One Nation පක්ෂයට එරෙහිව පන්ති වර්ජනය කරමින් විරෝධතාවල නිරත වීමට සූදානම් වන සිසුන්ට ඔස්ට්‍රේලියාව පිළිබඳ කිසිදු ගෞරවයක් නොමැති බව South Australia හි One Nation නායක Cory Bernardi ප්‍රකාශ කර තිබෙනවා.
Pauline Hansonගේ ජාතිවාදී සහ සංක්‍රමණික විරෝධී මතවාදයන්ට එරෙහිව 'Students Say No To Hanson' යන තේමාව යටතේ Sydney, Melbourne, සහ Adelaide ඇතුළු ප්‍රධාන නගර රැසක පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් August 13 වනදා මෙලෙස පන්ති වර්ජනය කරමින් විරෝධතා දැක්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙම විරෝධතා සංවිධානය කරන සිසුන් අතිශය අන්තවාදී සහ මතවාදී පිරිසක් බවට Cory Bernardi චෝදනා කරනවා. ඉදිරි ප්‍රාන්ත සහ ෆෙඩරල් මැතිවරණ හමුවේ One Nation පක්ෂයේ ජනප්‍රියතාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමකයි සිසුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ.



