Bondi ප්‍රහාරයෙන් පසු සංක්‍රමණිකයන් සීමා කිරීමේ සටන්පාඨය පෙරදැරි කරගනිමින් One Nation පක්ෂය ලබාගත් ඉහළ ජනප්‍රියතාව, පසුගිය මතවිමසුම් තුනේදීම අඛණ්ඩව පහත වැටී ඇති බව වාර්තා වෙනවා.
ජූනි මාසයේදී 30% ක් ලෙස පැවති One Nation පක්ෂයේ මූලික ඡන්ද පදනම මේ වන විට 24% දක්වා අඩුවී ඇති අතර, Coalition හි ඡන්ද ප්‍රමාණය 22% දක්වා වර්ධනය වී තිබෙනවා. පක්ෂ නායකයින්ගේ මතභේදාත්මක ප්‍රකාශ සහ ප්‍රතිපත්ති පිළිබඳ එල්ල වූ දැඩි විවේචන මෙම පසුබැසීමට හේතු වී ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
මේ අතර Labor පක්ෂයේ ඡන්ද පදනම 28% ක මට්ටමේ වෙනස් නොවී පවතිනවා. දක්ෂිණාංශික ඡන්ද බෙදී යාම නිසා අගමැති Anthony Albanese ට සිය බලය තහවුරු කරගැනීමට මෙය වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි පැවසෙන්නේ.


