One Nation පක්ෂයේ නව NSW නායකයා ලෙස පත් වූ හිටපු ආයෝජන කොමසාරිස් Mike Newman, New South Wales ප්‍රාන්තය Texas සහ Florida වැනි ලාභදායී බලශක්ති සහ අඩු බදු සහිත ප්‍රදේශයක් බවට පත්කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා.

2027 ප්‍රාන්ත මැතිවරණයේදී Cessnock ආසනය සඳහා තරග කිරීමට නියමිත ඔහු සඳහන් කළේ, ගල්අඟුරු සහ න්‍යෂ්ටික බලශක්තිය ප්‍රාන්තයේ අනාගත බලශක්ති සැලසුම්වලට ඇතුළත් විය යුතු බවයි. Eraring ගල්අඟුරු බලගාරය වසා දැමීමේ තීරණය "ආර්ථික වශයෙන් සියදිවි නසාගැනීමක්" ලෙස හඳුන්වමින් ඔහු කියා සිටියේ Hunter ප්‍රදේශයේ න්‍යෂ්ටික බලගාරයක් හෝ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් පිහිටුවීමට වුවද තමන් සූදානම් බවයි.

මීට අමතරව ව්‍යාපාර සඳහා වන පඩිපත බද්ද (payroll tax) අහෝසි කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති කලාප (REZ) අත්හැරීමටද One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා. කෙසේ වෙතත්, Hunter ප්‍රදේශයේ දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියට මොවුන් දක්වන විරෝධය හමුවේ NSW රජය One Nation පක්ෂයේ මෙම තීරණ දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.