ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් One Nation පක්ෂය තුළ නැවතත් අභ්‍යන්තර මතභේදයක් හටගෙන තිබෙනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley ප්‍රකාශ කළේ, තමන්ගේ ආණ්ඩුවක් යටතේ සංක්‍රමණිකයන් ලබාගැනීමේ සීමාව 2,30,000 ක් පමණ වන අතර එය Labor ආණ්ඩුවේ හෝ Coalition සන්ධානයේ ඉලක්කයන්ට සමාන වන බවයි. කෘෂිකර්මාන්තය, ඉංජිනේරු සහ පතල් වැනි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය නිපුණතා සහිත ශ්‍රමිකයන් ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව ඔහු පෙන්වා දුන්නා.
කෙසේ වෙතත්, පැය කිහිපයකට පසු සටහනක් තබමින් One Nation නායිකා Pauline Hanson එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඇය අවධාරණය කළේ තම පක්ෂයේ සැබෑ ප්‍රතිපත්තිය වන්නේ වාර්ෂික ශුද්ධ සංක්‍රමණික සංඛ්‍යාව 1,30,000 දක්වා සීමා කිරීම බවයි. විශේෂයෙන්ම විදේශීය සිසුන් සහ තාවකාලික වීසා සීමා කිරීම මගින් මෙම ඉලක්කය සපයා ගන්නා බව ඇය කියා සිටියා.
මේ අතර, පක්ෂ දෙකම සංක්‍රමණිකයන් සීමා කිරීමට උත්සාහ කිරීම නිසා රට තුළ පවතින දැඩි ශ්‍රම හිඟය තවදුරටත් උග්‍ර විය හැකි බවට ඔස්ට්‍රේලියානු කර්මාන්ත සමූහය ඇතුළු ව්‍යාපාරික සංවිධාන දැඩි කණගාටුව පළ කර සිටිනවා.



