Pakenham හි සිදුවූ පුද්ගල මරණයක් සම්බන්ධයෙන් මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ජූලි 31 වන දින දහවල් 1.00 ට පමණ Jamieson Court හි පිහිටි නිවසක් තුළ තිබී 36 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විමර්ශන නිලධාරීන් දැනට මෙම මරණය සැක කටයුතු සිදුවීමක් ලෙස සලකා පරික්ෂණ පවත්වනවා. කෙසේ වෙතත්, මෙම පුද්ගලයාගේ මරණයට හේතු වූ නිශ්චිත කරුණු මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුවන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම සිදුවීම පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙක් වේ නම්, 1800 333 000 අංකය ඔස්සේ Crime Stoppers වෙත දැනුම් දෙන ලෙස හෝ www.crimestoppersvic.com.au වෙබ් අඩවිය හරහා රහසිගතව තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



