පාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ ස්වාට් නිම්නයේ කබාල් නගරයේ පැවති සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි විරෝධතාවක් අතරතුර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙනවා.

මියගිය පිරිස අතර සිවිල් වැසියන් 9 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ විරෝධතාකරුවන් සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව සටන් පාඨ කියමින් සාමය ඉල්ලා සිටි බව ද වාර්තා වනවා.