Melbourne වලට බටහිරින් සිදුවූ දරුණු රිය අනතුරකින් තවත් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙල්බර්න් හි Parwan ප්රදේශයේදී පසුගිය අඟහරුවාදා සවස ළමුන් සත්දෙනෙකු ගමන් කළ 4WD රථයක් පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් 7 හැවිරිදි දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර, බරපතල තුවාල ලබා රෝහල්ගත කළ 11 හැවිරිදි පිරිමි දරුවෙක් පසුගිය රාත්රියේ මියගොස් තිබෙනවා.
අනතුර වන අවස්ථාවේ 34 හැවිරිදි කාන්තාවක් විසින් ළමුන් පිරිස පාසලෙන් රැගෙන එමින් සිට ඇති අතර, තුවාල ලැබූ සෙසු දරුවන් පස්දෙනා සහ රියැදුරු මේ වන විට රෝහල්ගත කර ඇති බව ප්රධාන රිය අනතුරු විමර්ශන අංශයේ විමර්ශන සැරයන් Tony Gentile පවසනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්නා අය වෙතොත් ඉදිරිපත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



