One Nation පක්ෂයේ නායිකා Pauline Hanson විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා මාධ්‍ය ආයතන කිහිපයකට අවස්ථාව අහිමි කිරීමට ගත් තීරණය පිළිබඳව දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
Melbourne හි පැවැති මෙම මාධ්‍ය හමුව සඳහා ABC, The Age සහ The Guardian යන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ඇතුළුවීමට අවස්ථාව හිමිවී නැහැ. ඒ පිළිබඳව අදහස් දක්වමින් Pauline Hanson සඳහන් කර ඇත්තේ, එම මාධ්‍ය ආයතන තමන්ට සහ තම පක්ෂයට සාධාරණ ලෙස තොරතුරු වාර්තා නොකරන බවයි.
කෙසේ වෙතත්, මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය Amanda Rishworth සඳහන් කළේ, දේශපාලනඥයන් මාධ්‍ය හමුවේ වගකීම් සහගතව කටයුතු කළ යුතු බවත්, අපහසු ප්‍රශ්න හමුවේ මාධ්‍ය ආයතන වාරණය කිරීම සුදුසු නොවන බවත්ය.



