ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩකාරී අපරාධ නිසා ගමන් කිරීමට ආරක්ෂිත නැති බවට රජය විසින් නම් කර ඇති රටවලින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නතර කරන ලෙස One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටිනවා.

Foreign Affairs දෙපාර්තමේන්තුවේ Smartraveller වෙබ් අඩවිය මගින් ඕස්ට්‍රේලියානුවන්ට 'ගමන් නොකරන ලෙස' උපදෙස් දී ඇති රටවල් 26ක් හඳුනාගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියානු වැසියන්ට එම රටවලට යාම ආරක්ෂිත නැත්නම්, එම රටවල සිට මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන්ද දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව වෙනුවෙන් පිටරටවල පවතින ගැටලු මෙරටට ගෙන ඒමට තමා කැමති නැති බවත්, රජය විසින් නිකුත් කරන මෙම ආරක්ෂක අනතුරු ඇඟවීම් සංක්‍රමණික ප්‍රතිපත්ති සඳහාද අදාළ කරගත යුතු බවත් Pauline Hanson වැඩිදුරටත් සඳහන් කළා.

Labor රජය මේ වන විට වසරකට ශුද්ධ සංක්‍රමණ සංඛ්‍යාව 225,000 දක්වා අඩු කිරීමට පියවර ගනිමින් සිටින පසුබිමකයි මෙම යෝජනාව ඉදිරිපත් වී තිබෙන්නේ.