ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම අපනයන ක්ෂේත්‍රය වන, $55 billion වටිනා ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි ලෙස සීමා කරන බවට One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ප්‍රකාශ කර තිබෙනවා.

දැනට වසරකට 300,000ක් ලෙස පවතින ශුද්ධ සංක්‍රමණිකයන් ගණන 130,000 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති අතර, එහිදී වැඩිම බලපෑම ජාත්‍යන්තර සිසුන්ට එල්ල වනු ඇති බව සඳහන්. විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන ජාත්‍යන්තර ශිෂ්‍ය ව්‍යාපාරය උපක්‍රමශීලී එකක් බවත්, බොහෝ දෙනා ශිෂ්‍ය වීසා භාවිත කරමින් මෙරටට ඇතුළු වී පසුව පවුලේ සාමාජිකයන්ද ගෙන්වා ගන්නා බවත් Hanson චෝදනා කළා. කෙසේ වෙතත්, ඇය කපා හරින ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත ගණනක් ප්‍රකාශ කළේ නැහැ.

මේ අතර, Albanese රජය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 220,000 දක්වා අඩු කිරීමට ඉලක්ක කර ඇති අතර, ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් වීසා නිකුත් කිරීමේ ප්‍රමුඛතාවලද යම් යම් වෙනස්කම් සිදුකර තිබෙනවා. එමෙන්ම Coalition පක්ෂයේ නිවාස කටයුතු පිළිබඳ ප්‍රකාශක Andrew Bragg ද සංක්‍රමණිකයන් 180,000 දක්වා අඩු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර, ඒ සඳහා අදාළ පාර්ශව සමග සාකච්ඡා කර තීරණ ගන්නා බවයි ප්‍රකාශ කළේ.