One Nation පක්ෂයේ Pauline Hanson ගෙන් එල්ල වන දේශපාලනික අභියෝගයට මුහුණ දීමේදී ඇයව පෞද්ගලිකව ඉලක්ක නොකල යුතු බවLabor සහ Liberal ප්‍රධාන පක්ෂ දෙකම තීරණය කර තිබෙනවා.

පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ ඡන්දදායකයින්ගෙන් වැඩි පිරිසක් Hanson දේශපාලනික වශයෙන් පීඩාවට පත්වන තැනැත්තියක ලෙස දකින බවයි. එම නිසා ඇයට පෞද්ගලිකව ඉලක්ක කිරීමෙන් ඇගේ ඡන්ද පදනම තවත් ශක්තිමත් වන බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. Liberal පක්ෂයේ Angus Taylor වැනි නායකයින් ඇයව සෘජුවම ඉලක්ක කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන්නේ ද ඒ නිසයි.

නමුත් පසුගියදා Ben Roberts-Smith නඩුවේ සාක්ෂි දීම සම්බන්ධයෙන් Liberal පක්ෂයේ Andrew Hastie වෙත One Nation පක්ෂය සෘජුවම පහර දෙමින් වීඩියෝවක් නිකුත් කිරීමත් සමග Hanson ගේ එම ප්‍රතිරූපයට යම් හානියක් සිදු වී ඇති බව පැවසෙනවා.

එමෙන්ම Anthony Albanese අගමැතිවරයාගේ Marrickville Golf Club අරමුදල් ගැටලුව වැනි ආණ්ඩුවේ පාලන අසාර්ථකත්වයන් තමන්ගේ වාසියට යොදා ගැනීමට Hanson සමත් වුවද, Albanese ගේ මවට කළ ප්‍රකාශ සහ සාමාන්‍ය ජනතාවගේ හැඟීම්වලට පහර දීම හමුවේ, One Nation පක්ෂයට රට පාලනය කිරීමට තරම් පරිණතභාවයක් තිබේද යන්න පිළිබඳව ඡන්දදායකයින් අතර මේ වන විට දැඩි කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා.