ඕස්ට්‍රේලියාවේ අධික බර අඩු කරගැනීමේ ඖෂධ සූපරික්ෂිත රාජ්‍ය සහන පදනම හෙවත් PBS ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසට වන ඉල්ලීම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
මේ වන විට මෙම ඖෂධ සඳහා පුද්ගලයෙකුට මසකට ඩොලර් 600ක් දක්වා අධික මුදලක් වැය කිරීමට සිදුවන අතර, එමගින් සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි තරම් ඉහළ පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය Mark Butler ප්‍රකාශ කළේ, මෙම ඖෂධ සඳහා සාධාරණ මිලක් තීරණය කිරීමට ඖෂධ නිෂ්පාදන සමාගම් සමඟ සාකච්ඡා පවත්වන බවත්, ජනතාව වෙනුවෙන් මෙම සහනය ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බවත්ය.
මේ අතර, පසුගිය ත්‍රෛමාසිකයේදී ඕස්ට්‍රේලියාව පුරා Bulk Billing අනුපාතය 84.1% දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.



