Garma Festival හී දී අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong සඳහන් කළේ Australian First Nations ජනතාව සහ Pacific කලාපය අතර සියවස් ගණනාවක් පුරා පැවති සම්බන්ධතාව ඕස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තියට විශාල ශක්තියක් බවයි. මෙම අවස්ථාවට Timor-Leste, Solomon Islands, Fiji ඇතුළු Pacific කලාපයේ නායකයින් රැසක් ද එක්ව සිටියා. මේ අතර අමාත්‍ය Malarndirri McCarthy තම පවුල Macassar ජනතාව සමඟ පැවැත්වූ වෙළඳ සහ සංස්කෘතික සබඳතා පිළිබඳව මතකය ආවර්ජනය කළ අතර, මීට වසර 50 කට පෙර Aboriginal Land Rights Act යටතේ තමන්ගේම භූමියට ඇති අයිතිය තහවුරු කිරීමට සිදු වූ අයුරු ද පැහැදිලි කළා.

එසේම, Gumatj Corporation (ගුමාච් කෝපරේෂන්) හි නායක Djawa Yunupiŋu විසින් තම ජනතාවගේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් Dilak Land Council ලෙස නව සංවිධානයක් පිහිටුවන බව මෙම උළෙලේදී ප්‍රකාශ කළා. ඊට අමතරව අදහස් දැක්වූ Cape York Institute හි නායක Noel Pearson, පරාජයට පත් වූ Voice referendum එක (ජනමත විචාරණය) පිළිබඳව අවධානය යොමු කරමින් කියා සිටියේ remote Aboriginal communities වල පාලන ව්‍යුහයන්හි වහාම වෙනසක් සිදුවිය යුතු බවයි.