ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 තරම් කුඩා ළමයින් නියාමනය නොකළ Peptides නැමැති ඖෂධ වර්ග සෞඛ්‍යයට අහිතකර ලෙස භාවිතා කිරීම පිළිබඳව වෛද්‍යවරුන් කනගාටුව පළ කරනවා.
Royal Australian College of GPs හි Dr Tim Jones පවසන්නේ, WhatsApp වැනි සමාජ මාධ්‍ය සමූහ හරහා මෙම නිෂ්පාදන ළමයින්ගේ නිවෙස්වලටම ගෙනැවිත් දීමට ජාවාරම්කරුවන් කටයුතු කරන බවයි. නිසි ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කෙරෙන මෙම ඖෂධ සිරුරට එන්නත් කරගැනීම නිසා සමේ ආසාදන, හෝමෝන වෙනස්වීම්, දැඩි කෝපය සහ ශරීරයේ රෝම වර්ධනය වීම වැනි බරපතල අතුරු ආබාධ රැසකට මෙම කුඩා ළමයින් මුහුණ දී තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම සිදුකෙරෙන්නේ, වසර ගණනාවක් තිස්සේ Peptides ඇතුළු ශරීර වර්ධක ඖෂධ භාවිතා කිරීම නිසා ඇතිවූ හෘදයාබාධයකින් 33 හැවිරිදි Alex නැමැති පුද්ගලයෙකු මියයාමේ පුවත වාර්තා වී දින කිහිපයකට පසුවයි. මෙවැනි නියාමනය නොකළ ඖෂධවලින් තම දරුවන් සහ තරුණයින් ආරක්ෂා කරගන්නා ලෙස වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.



