Perth හි Port Kennedy වෙරළාසන්න නොගැඹුරු වැලිපරයක Humpback වර්ගයේ තලමසෙකු ගොඩගැසීමත් සමඟ එම ප්‍රදේශයේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
දැනට Department of Biodiversity Conservation and Attractions හි නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් අදාළ ස්ථානයට පැමිණ සිටින අතර, සත්වයා මුදාගැනීම සඳහා ගත හැකි වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.
තලමහගේ ආරක්ෂාව තහවුරු කර ආතතිය අවම කිරීම සඳහා Port Kennedy වෙරළ තීරය තාවකාලිකව වසා දමා ඇති අතර, එම ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මෙම තත්ත්වය හමුවේ අදාළ මුහුදු සීමාවට මෝරුන් පැමිණීමේ වැඩි අවදානමක් පවතින බවටද ජෛව විවිධත්ව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවනවා.



