මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් Bali හිදී අත්අඩංගුවට ගත් Perth හි Subiaco ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි Sean Miller නමැති පුද්ගලයාගේ නඩු විභාගය Denpasar දිස්ත්‍රික් අධිකරණයේදී ආරම්භ වී තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව බටහිර Denpasar හි පිහිටි මොහුගේ නවාතැන පරීක්ෂා කළ පොලිසිය, එහි තිබී Methamphetamine මිලිග්‍රෑම් 600ක් සහ මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා උපකරණ සොයාගෙන තිබුණා.

කෙසේ වෙතත්, තමන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුනොකළ බවත්, තමන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් මාධ්‍ය හමුවේ පවසන Sean Miller තමන් වෙත එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඉන්දුනීසියාවේ පවතින දැඩි මත්ද්‍රව්‍ය විරෝධී නීති හමුවේ මොහුට එරෙහි චෝදනා තහවුරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමේ අවදානමක් පවතින අතර, ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් මොහුට අවශ්‍ය තානාපති සහාය ලබාදෙමින් සිටිනවා.