Western Australia හි Secret Harbour හිදී පැවැත්වෙන අතුරු මැතිවරණයෙන් Pauline Hanson ගේ One Nation පක්ෂය සහ Labor පක්ෂය අතර දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී තිබෙනවා. Perth හි දකුණු දෙසින් පිහිටි මෙම වෙරළබඩ ප්‍රදේශයේ අතීතයේ සිටම Labor පක්ෂයට විශාල බලයක් පැවතුණද, ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාව තුළ ඇති වී තිබෙන කලකිරීම සහ ජීවන වියදම ඉහළ යාම හමුවේ One Nation පක්ෂයට මෙවර හොඳ ජයග්‍රාහී අවස්ථාවක් මතුව ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම වසර 20 කට ආසන්න කාලයක් මෙම ආසනය නියෝජනය කළ Labor පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී Paul Papalia ගේ විශ්‍රාම යාමත් සමඟ මෙම අතුරු මැතිවරණය පැවැත්වෙන අතර, ප්‍රදේශයේ තරුණ පවුල් සහ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන නිවාස හා ජීවන වියදම් අර්බුද හමුවේ තමන් මෙවර One Nation පක්ෂයට ඡන්දය දීමට තීරණය කළ බව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුම අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටිනවා.

Western Australia හි පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසනයක් ජයග්‍රහණය කිරීමට One Nation පක්ෂයට හිමිවන පළමු අවස්ථාව මෙය විය හැකි බවට මත පළවන අතර, මෙම මැතිවරණ ප්‍රතිඵලය ඉදිරියේදී පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය ඇතුළු සමස්ත ඕස්ට්‍රේලියානු දේශපාලන ගමන්මග කෙරෙහිම විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.