Peru හි හුදකලා ප්‍රදේශයක තනිවම පාගමනක නිරතව සිටියදී අතුරුදහන් වූ Melbourne හි Jordan Yap නැමැති 30 හැවිරිදි තරුණයා සොයා පුද්ගලික මුදාගැනීමේ කණ්ඩායමක් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. සැප්තැම්බර් 14 වනදා Huaraz නගරයෙන් ගමන ආරම්භ කළ ඔහු, සැප්තැම්බර් 23 වනදා ආපසු පැමිණීමට නියමිතව සිටියද මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
ඔහු ලබාගෙන තිබූ ගුවන් ටිකට්පත පවා මගහැරී ඇති අතර, පවුලේ කිසිදු සමීපතමයෙකුට ඔහු සම්බන්ධ කරගැනීමට හැකි වී නැති බවයි වාර්තා වන්නේ. මේ වන විට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් අතරතුර දෙවන දිනයේදී ඔහු මුණගැසුණු කිහිපදෙනෙකු පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර, සෙවුම් කලාපය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කළේ, ඉදිරි දිනවලදී අවශ්‍ය වුවහොත් තමන් Peru වෙත යාමට සූදානමින් සිටින බවයි.



