පසුගිය වසරේ Melbourne හි බටහිර Braybrook ප්‍රදේශයේදී නවයොවුන් තරුණයෙකු අත්අඩංගුවට ගැනීමේදී අමානුෂික ලෙස පහරදීමේ චෝදනාව මත Victoria ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

ප්‍රාන්ත අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව (IBAC) මගින් සිදුකළ පරීක්ෂණයකින් පසුව මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට එරෙහිව පහරදීම් සහ නීති විරෝධී ලෙස බලය භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා හතරක් ගොනුකර තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරියා ලබන ඔක්තෝබර් මාසයේදී Sunshine මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, Victoria පොලිස් බලකාය සඳහන් කළේ අදාළ නිලධාරියාව වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් රාජකාරි සඳහා මාරු කර යවා ඇති බවයි.