Inner-Sydney හි සිදුවූ රිය අනතුරකින් NSW පොලිස් බලකායේ සේවය කළ 20 හැවිරිදි පොලිස් නිලධාරිනී Mia Lay අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Glebe හි සිදුවූ මෝටර් රථ සොරකමක් සම්බන්ධයෙන් Gibbons Street, Redfern හරහා සෙවුම් මෙහෙයුමක නිරතව සිටියදී, ඇය ගමන් කළ පොලිස් රථය ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ මගී අසුනේ සිටි Mia Lay ස්ථානයේදීම මියගොස් ඇති අතර, රථය ධාවනය කළ 24 හැවිරිදි අනෙක් පොලිස් නිලධාරියා තුවාල ලබා Royal Prince Alfred Hospital වෙත ඇතුළත් කර තිබෙනවා.
Mia Lay පොලිස් සේවයට එක්වී ඇත්තේ මීට මාස 16 කට පෙර වන අතර, ඇයගේ හදිසි වියෝව සම්බන්ධයෙන් NSW පොලිස් කොමසාරිස් Mal Lanyon, පොලිස් අමාත්‍ය Yasmin Catley සහ ප්‍රධාන අමාත්‍ය Chris Minns සිය ශෝකය පළකර සිටිනවා. මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ සහ විනිවිදභාවයෙන් යුත් Critical Incident පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි පොලිස් බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.



