Adelaide හි Port Adelaide ප්‍රදේශයේ පිහිටි ගබඩාවක හටගත් දැවැන්ත ගින්නක් හේතුවෙන් පිටවන විෂ දුමාරය නිසා, එම ස්ථානය වටා කිලෝමීටරයක හදිසි ඉවත් කිරීමේ කලාපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Moonta මාර්ගය ආසන්නයේ වෙසෙන ජනතාවට වහාම එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස නිවේදනය කර ඇති අතර, එක් අයෙකු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. Sulphur ටොන් ගණනක් තැන්පත් කර ඇති මෙම ගබඩාවේ ගින්න නිවීමට ජලය භාවිත කළ හොත් ප්‍රබල රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වී පිපිරීමක් ඇති විය හැකි බවට ගිනි නිවන හමුදාව අනතුරු අඟවනවා.
මෙම ප්‍රදේශය ඉතා අනතුරුදායක බැවින් කිසිදු හේතුවක් මත ඇතුළු නොවන්නැයි බලධාරීන් ඉල්ලා සිටින අතර, පවතින තත්ත්වය හේතුවෙන් දවස පුරා ගින්න පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා.



