South Australia හි Cape Northumberland වෙරළබඩදී සිදුවූ බවට සැකකෙරෙන මෙම ඛේදජනක මිනීමැරුම් සහ සියදිවි නසාගැනීමේ සිදුවීමෙන් පසු, අතුරුදහන් වූ තෙමස් හැවිරිදි Lewis Wright නමැති බිළිඳා සෙවීමේ නිල මෙහෙයුම අවසන් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මෙම බිළිඳාගේ මව වන Helena Wright සහ ඇගේ දියණිය Hazel ගේ මෘතදේහ ප්‍රපාතයක් පාමුල මුහුදේ තිබී හමු වූ අතර, ඔවුන් ප්‍රපාතයෙන් වැටී ඇත්තේ අනතුරකින් නොවන බවට පොලිසිය විශ්වාස කරනවා.

දැඩි මුහුදු රළ හමුවේ ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන් දින කිහිපයක් තිස්සේ සිදුකළ සෙවුම් මෙහෙයුම්වලදී බිළිඳා පිළිබඳ කිසිදු තොරතුරක් හමු වී නැහැ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මීට වෙනත් කිසිවෙකුගේ සම්බන්ධයක් නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.