සිඩ්නි හි Punchbowl ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක රථ ගාලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය බදාදා පස්වරු 5.50 ට පමණ Rossmore Ave හි පිහිටි මෙම රථ ගාල තුළ වෙඩි තැබීම සිදුව ඇති අතර, සුවසැරිය සහ හදිසි සහන කණ්ඩායම් පැමිණ තුවාලකරු බේරා ගැනීමට උත්සාහ කළද ඔහු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
වෙඩි තැබීමෙන් අනතුරුව සැකකටයුතු මෝටර් රථයක් එම ස්ථානයෙන් පලායන අයුරු දුටු බව ප්‍රදේශවාසීන් පොලිසියට පවසා තිබෙනවා.
සිද්ධිය වූ ස්ථානය ආරක්ෂිත කලාපයක් ලෙස නම්කර විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරක් හෝ දර්ශන සටහන් වූ Dashcam / ජංගම දුරකථන වීඩියෝ පට ලබාදිය හැකි අයෙක් වේ නම් Campsie පොලිස් ස්ථානය වෙත හෝ Crime Stoppers වෙත තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



