Qantas ගුවන් සේවය ඔවුන්ගේ ඉතිහාසයේ විශාලතම ගුවන් යානා නවීකරණය ආරම්භ කරමින්, ඉදිරියේදී එකතු වන Airbus A321 XLR යානා සඳහා පළමු වරට ඇඳන් බවට පත්කළ හැකි (lie-flat) Business Class ආසන හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Premium මගීන්ගේ ඉහළ ඉල්ලුම සලකා මෙම පියවර ගෙන ඇති අතර, Perth දක්වා යන දීර්ඝ දේශීය ගමන් සහ කෙටි හා මධ්‍යම ප්‍රමාණයේ ජාත්‍යන්තර ගුවන් වාර සඳහා මෙම A321XLR යානා යොදා ගැනීමට නියමිතයි. එක් යානයක මෙවැනි Suites කිහිපයක් අඩංගු වන අතර, පුද්ගලිකත්වය සුරකින Sliding Door, අඟල් 19 තිර, Fast Wi-Fi සහ Wireless Charging පහසුකම් ද ඊට ඇතුළත්. මෙම නව යානා 2028 වසරේ සිට එකතු වීමට නියමිතයි.

මීට අමතරව, ඉදිරියේදී පැමිණීමට නියමිත Boeing 787-9 Dreamliners යානා සඳහාද Sliding Door සහිත, වඩාත් ඉඩකඩ සහිත නවීකරණය කරන ලද Business Suites හඳුන්වා දීමට Qantas සමාගම කටයුතු කර තිබෙනවා.