Sydney ගුවන්තොටුපොළේ සිට Melbourne බලා ගමන් කිරීමට තිබූ Qantas ගුවන් යානයක් තුළට හදිසියේම දුමාරයක් පිරීම හේතුවෙන් එහි සිටි මගීන් වහාම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම දුමාරය ගුවන් යානයේ දෝෂයක් නිසා නොව, යානය තල්ලු කිරීමට භාවිතා කරන පෘෂ්ඨීය වාහනයකින් (tug) පිටවූවක් බවයි. තත්ත්වය තහවුරු කරගැනීමෙන් අනතුරුව QF1515 දරන මෙම ගුවන් යානය සුළු ප්රමාදයකින් පසුව නැවත ගමන් ආරම්භ කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා New Zealand හි Queenstown සිට Sydney බලා පියාසර කළ Boeing 737 වර්ගයේ Qantas යානයක එන්ජිමක ගිනිගැනීමක් සිදුවී Christchurch වෙත හදිසියේ ගොඩබෑමට සිදුවීමෙන් දින කිහිපයකට පසුවයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.



