ලබන සතියේදී Qantas මෙහෙයුම්වල නියුතු භූමි කර්මාන්ත මණ්ඩලයේ සේවකයන් 650 දෙනෙකු පැය 24ක සංකේත වැඩවර්ජනයක නිරත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ප්‍රවාහන සේවක සංගමය (TWU) අනතුරු අඟවනවා. මාස 11ක් පුරා පැවැති වැටුප් සහ සේවා කොන්දේසි පිළිබඳ සාකච්ඡා සාර්ථක නොවීම ඊට හේතුවයි.

ලබන බ්‍රහස්පතින්දා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වර්ජනය නිසා Sydney ගුවන් තොටුපොළ හරහා ගමන් ගන්නා QantasLink ප්‍රාදේශීය ගුවන්ගමන් මෙන්ම ඕස්ට්‍රේලියා තැපැල් සේවය ඇතුළු Qantas Freight භාණ්ඩ ප්‍රවාහන සේවාවන්ටද බාධා එල්ල විය හැකියි. විශේෂයෙන්ම Queensland, Victoria සහ Northern Territory ප්‍රදේශවල පාසල් නිවාඩු සමය ආරම්භ වීමට නියමිතව තිබියදී මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.

කෙසේ වෙතත්, Qantas ආයතනය ප්‍රකාශ කරන්නේ වර්ජනය ක්‍රියාත්මක වුවද මගීන්ට වන අපහසුතාව අවම කිරීමට විකල්ප ක්‍රියාමාර්ග ලෑස්ති කර ඇති බවත්, Fair Work Commission හරහා සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යන බවත්ය.