මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන පිරිවැය ශීඝ්රයෙන් ඉහළ ගියද, Qantas ගුවන් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.06 ක විශාල ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. පසුගිය වසර හතක කාලය තුළ ඉහළම වේලාවට වැඩ කිරීමේ ප්රගතියක් වාර්තා කළද, ඉන්ධන ගාස්තු සඳහා අමතර ඩොලර් මිලියන 610 ක මුදලක් වැයවීම නිසා සමස්ත ලාභය 13% කින් පහළ ගොස් ඇති බවයි එම සමාගම පවසන්නේ.
කෙසේ වෙතත්, සමාගම මෙලෙස විශාල ලාභයක් ලබද්දී එහි සේවකයින්ට සහන නොදීමට එරෙහිව ප්රබල වෘත්තීය සමිති විරෝධයක් මතුව තිබෙනවා. Transport Workers Union (TWU) සහ Australian Services Union (ASU) චෝදනා කරන්නේ, Qantas සහ Jetstar සමාගම් කොටස්කරුවන්ට ඩොලර් මිලියන 700 ක ලාභාංශ බෙදා දෙද්දී, බිම් මට්ටමේ සේවකයින්ට සාධාරණ වේතන සහ රැකියා සුරක්ෂිතතාව ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.
මේ හේතුවෙන් Qantas Ground Service සහ Jetstar ආයතනවල සේවකයින් 600 කට වැඩි පිරිසක් ඉදිරියේදී වෘත්තීය සමිති ක්රියාමාර්ග සහ වැඩවර්ජන සඳහා ඡන්දය ප්රකාශ කිරීමට සූදානම් වන බවද වාර්තා වනවා.



