Queensland හි Maryborough ප්‍රදේශයේ මහජනතාව ඉලක්ක කරගනිමින් හදිසි ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා මත 14 හැවිරිදි පිරිමි ළමයෙකු ත්‍රස්ත මර්දන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තු මස සිට සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් පසු මෙම සැකකාර පිරිමි ළමයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මාස ගණනාවක් තිස්සේ මහජනතාව ගැවසෙන ස්ථාන 3ක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකරුගේ විද්‍යුත් උපකරණ පරික්ෂා කිරීමේදී අන්තවාදී වීඩියෝ සහ තොරතුරු සොයාගෙන ඇති අතර, ඔහු කිසිදු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ නැතිව තනිවම මෙය සැලසුම් කර ඇති බවටයි හෙළිව තිබෙන්නේ.

මෙලෙස කුඩා ළමුන් අන්තර්ජාලය හරහා අන්තවාදී දේවල්වලට යොමුවීම දැඩි ලෙස අවදානම් සහගත තත්ත්වයක් බව පෙන්වා දෙන පොලිසිය, දරුවන් අන්තර්ජාලය භාවිත කරන ආකාරය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

සැකකාර පිරිමි ළමයා Brisbane ළමා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.