Queensland ප්‍රාන්තයේ සැරිසරන Rebels නැමැති සංවිධානාත්මක යතුරුපැදි කල්ලියේ සාමාජිකයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට Queensland පොලිසිය සමත්ව තිබෙනවා.

Gold Coast සිට Cairns දක්වා ප්‍රදේශ ආවරණය වන පරිදි ඊයේ දිනයේදී සෙවුම් වරෙන්තු 25ක් ක්‍රියාත්මක කළ බවයි පොලිසිය සඳහන් කරන්නේ. එහිදී අදාළ කල්ලියේ ලාංඡන සහිත තහනම් ඇඳුම් ප්‍රසිද්ධියේ පැළඳ සිටි වයස අවුරුදු 29ත් 67ත් අතර පසුවන 23 දෙනෙකුට චෝදනා 44ක් එල්ල කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව විමර්ශන අධිකාරී Troy Pukallus ප්‍රකාශ කළ අතර, සෙවුම් මෙහෙයුම් අතරතුරදී ගිනිඅවි, ආයුධ මෙන්ම කොකේන් ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය රැසක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.