Queensland හි Charleville හි පිහිටි නිවසක සිදුවූ දරුණු හිංසනකාරී සිදුවීමකින් පසුව, පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එම ස්ථානයේ සිටි කුඩා දරුවෙකු ආරක්ෂිතව මුදාගැනීමට ද පොලිසිය සමත් වුණා.

පසුගිය බදාදා පස්වරු 6 ට පමණ ලද තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට යන විට ඉතා අර්බුදකාරී තත්ත්වයක් පවතී ඇති අතර, නිවස තුළ ගිනිඅවි පැවැති බැවින් සෙබලුන් තාවකාලිකව පසුබැස තිබෙනවා. නමුත් නිවසේ පඩිපෙළ මත සිටි කුඩා දරුවා දැකීමත් සමඟ නිලධාරීන් තම ජීවිත අවදානමද නොතකා නැවත ගොස් දරුවා ආරක්ෂිතව මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව අලුයම 1:42 ට පමණ විශේෂ පොලිස් කණ්ඩායම් නිවස පරීක්ෂා කිරීමේදී 45 හැවිරිදි පිරිමි පුද්ගලයාගේ සහ 23 හැවිරිදි කාන්තාවගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා. මෙම සිදුවීම මිනීමැරුමක් සහ සියදිවි නසාගැනීමක් විය හැකිද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි. කිසිදු හානියක් සිදු නොවූ කුඩා දරුවා මේ වන විට රෝහල්ගත කර ඇති අතර, මෙම මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.