Queensland හි Beenleigh හි Milne වීදියෙහිදී සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රී 7.30 ට පමණ පාරෙන් ඉවතට පැන තිබෙන green Kawasaki ZX-6R Ninja වර්ගයේ යතුරුපැදිය ගසක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් යතුරුපැදිය  පැදවූ Beenleigh හි පදිංචි 46 හැවිරිදි පුද්ගලයා සහ පසුපස ගමන් කළ South Maclean හි 22 හැවිරිදි තරුණිය සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් රථවාහන අනතුරු විමර්ශන ඒකකය  මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර, මේ පිළිබඳ යම් තොරතුරක් ඇත්නම් QP2601582571 අංකය යොමු කරමින් Policelink වෙත දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.