විදේශීය බලපෑම් එල්ල කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින්, රුසියානු- ඕස්ට්‍රේලියානු ද්විත්ව පෞරවැසිභාවය හිමි 27 හැවිරිදි තරුණයෙකු Queensland හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශීය බලපෑම් මැඩලීමේ කාර්ය සාධක බලකාය සිදුකළ පරීක්ෂණයකින් පසුව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මගින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුව Brisbane මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, AFP කොමසාරිස් Krissy Barrett ද මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.
යුක්රේනයට ඕස්ට්‍රේලියාව ලබාදෙන සහය නිසා රුසියාව ඔස්ට්‍රේලියාව 'මිත්‍රශීලී නොවන රටක්' ලෙස නම්කර ඇති අතර, මෑත කාලයේදී ඕස්ට්‍රේලියාව තුළ රුසියානු ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් ද ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේදීත් Kira Korolev සහ Igor Korolev යන රුසියානු- ඕස්ට්‍රේලියානු යුවළක් ඔත්තු බැලීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වුණා. ඊට අමතරව රුසියානු ආරක්ෂක අංශ හා සම්බන්ධ හැකර්වරුන් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක, බලශක්ති සහ සන්නිවේදන ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ද අනතුරු අඟවා තිබෙනවා.



