ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් නිල ණය පොලී අනුපාතිකය  වෙනස් නොකර 4.35% මට්ටමේ තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

අඛණ්ඩව දෙවන වරටත් මෙම තීරණය ගැනීමත් සමඟ, පොලී අනුපාතික නැවත ඉහළ යනු ඇතැයි බියෙන් පසුවූ ඕස්ට්‍රේලියාවේ ලක්ෂ සංඛ්‍යාත ගෘහස්ථ සහ ණය හිමියන්ට විශාල සහනයක් හිමිවී ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර පෙබරවාරි, මාර්තු සහ මැයි මාසවලදී RBA ආයතනය මගින් පොලී අනුපාතික ඉහළ දැමූ අතර, ජූනි මාසයේදීද එය වෙනස් නොකර පවත්වා ගැනීමට පියවර ගත්තා.

ණය වාරික සහ ජීවන වියදම් ඉහළ යාම හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටින ජනතාවට, මෙම තීරණය සහනයක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයින්ගේ පෙන්වා දෙනවා.