ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් පොලී අනුපාතය 0.25%කින්ඉහළ නංවා ඇති අතර, ඒ අනුව නිල පොලී අනුපාතය 4.6% දක්වා ඉහළ ගියා. මෙය පසුගිය වසර 15ක කාලය තුළ වාර්තා වූ ඉහළම පොලී අනුපාතයයි.
RBA අධ්යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ ඒකමතික තීරණයෙන් මෙම පියවර ගෙන තිබෙන්නේ රට තුළ පවතින උද්ධමනය පාලනය කිරීමේ අරමුණින්. මැද පෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය නිසා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම, AI තාක්ෂණය හේතුවෙන් තාක්ෂණික උපකරණවල මිල ගණන් ඉහළ යාම සහ දේශීය වශයෙන් පවතින අධික පිරිවැය හමුවේ උද්ධමනය පාලනය කිරීමට මෙම තීරණය අත්‍යවශ්‍ය වූ බව මහ බැංකුව පෙන්වා දෙනවා.
මෙම අතිරේක පොලී සංශෝධනයත් සමග විශාල නිවාස ණය ලබාගෙන ඇති ලක්ෂ සංඛ්‍යාත පවුල්වල මාසික වාරික තවදුරටත් ඉහළ යන නමුත්, ඉතුරුම් ගිණුම් හිමියන්ට ඉහළ පොලී ආදායමක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. එමෙන්ම උද්ධමනය පාලනය නොවන්නේ නම් ඉදිරියේදීත් පොලී අනුපාත ඉහළ නැංවීමට RBA එක පසුබට නොවන බවටද නිවේදනය කර තිබෙනවා.



