ඕස්ට්‍රේලියානු ආර්ථිකය ශක්තිමත් මට්ටමක පවතින බව පෙනී ගියද, එය ඉදිරියේදී ඕස්ට්‍රේලියානු මහ බැංකුව මගින් නැවතත් පොලී අනුපාත ඉහළ නැංවීමට හේතුවක් විය හැකි බවට ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ නවතම දත්තවලට අනුව, පසුගිය මුල්‍ය වර්ෂය තුළ ඕස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතය 2.1%කින් වර්ධනය වී තිබෙනවා. මෙය ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ සක්‍රිය භාවය පෙන්නුම් කරන යහපත් ප්‍රවණතාවයක් බවයි භාණ්ඩාගාර අමාත්‍ය Jim Chalmers සඳහන් කළේ.
කෙසේ වෙතත්, වෙළඳපොළේ භාණ්ඩ හා සේවාවලට ඇති ඉල්ලුම වැඩිවීම හේතුවෙන් උද්ධමන පීඩනය නැවතත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ. එලෙස සිදුවුවහොත් RBA ආයතනය මඟින් පොලී අනුපාත නැවතත් ඉහළ නැංවීමට ඉඩ ඇති බවට අනුමාන කෙරෙනවා.
ගෘහස්ථ වියදම් සහ විදුලි වාහන (EV) මිලදී ගැනීම් ඉහළ යාම මෙම ආර්ථික වර්ධනයට මූලිකවම හේතු වී ඇති අතර, සැප්තැම්බර් 29 වනදා පැවැත්වෙන RBA ආයතනයෙහි මීළඟ රැස්වීමේදී පොලී අනුපාත සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගැනීමට නියමිතයි.



