ක්‍රීඩා විචාරක Sam Newman විසින් ස්ත්‍රී දූෂණයකට ගොදුරු වූ කාන්තාවක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශවලට ඕස්ට්‍රේලියාව පුරා දැඩි විවේචන එල්ල වී තිබෙනවා.

මාධ්‍යවේදීන්, රූපවාහිනී නිවේදකයින් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් පවසන්නේ එම ප්‍රකාශ වින්දිතයාට අපහාස කිරීමක් වන අතර, ස්ත්‍රී දූෂණයට ලක්වූවන්ට යුක්තිය ඉල්ලා ඉදිරිපත් වීමට බාධාවක් වන බවයි.

මාධ්‍යවේදී Sherele Moody ඇතුළු විචාරකයන් ඉල්ලා සිටින්නේ, මෙවැනි ප්‍රකාශ AFL හි කීර්තිනාමයට හානි කරන බැවින් Sam Newmanට එරෙහිව AFL සහ ඔහුට වේදිකාව ලබාදෙන මාධ්‍ය ආයතන ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

මෙම සිද්ධියත් සමඟ, කාන්තාවකට පහරදීමේ චෝදනා තුනකට වරදකරු වීමෙන් Nicky Winmar පසුගිය ජුනි මාසයේ Australian Football Hall of Fame වෙතින් ඉවත් කළ අවස්ථාවද යළි අවධානයට ලක්ව තිබෙනවා.