ඕස්ට්‍රේලියාව පුරා සුපිරි වෙළෙඳසැල්වල ටින් කළ sardines හිඟයක් මතුව තිබෙනවා. Coles පවසන්නේ, සමාජ මාධ්‍යවල සෞඛ්‍ය සම්බන්ධ ප්‍රවණතා හේතුවෙන් මෙම නිෂ්පාදනයට ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව බවයි.
පසුගිය සති කිහිපය තුළ සුපිරි වෙළෙඳසැල් රැසක ටින් කළ sardines තබා තිබූ රාක්ක හිස්ව ඇති බවත්, ඇතැම් ස්ථානවල " තොග සීමිත " බවට දැනුම්දීම් පවා ප්‍රදර්ශනය කර තිබෙනවා.
Coles සඳහන් කරන්නේ, ඉහළ ප්‍රෝටීන් සහ Omega-3 අඩංගු ආහාර පිළිබඳ සමාජ මාධ්‍යවල වැඩි අවධානයක් යොමුවීමත් සමඟ පසුගිය වසර මැද භාගයේ සිට sardines සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, ලොව විශාලතම sardines අපනයනකරු වන Morocco හි ධීවර අස්වැන්න පහළ යාම සහ අපනයන සීමා පැනවීම ද ගෝලීය සැපයුමට බලපා ඇති බව වාර්තා වනවා.



