ළමුන් ස්මාර්ට් දුරකථන, ටැබ් හෝ තිර දෙස බලා සිටින කාලය නිසා ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක හෝ ශාරීරික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වන බවට පවතින මතය පදනම් විරහිත බව නව ජාත්‍යන්තර පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
ළමුන් 3,000 කට වැඩි පිරිසක් යොදාගනිමින් වසර 10 ක් පුරා සිදුකළ මෙම අධ්‍යයනයට අනුව, ළමුන් Screen භාවිත කරන කාලය සහ වයස අවුරුදු 5 හෝ 10 දී ඔවුන්ගේ වර්ධනයේ ඇති වන දුෂ්කරතා අතර කිසිදු සෘජු සම්බන්ධයක් නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබඳව අදහස් දක්වන La Trobe University හි සහකාර මහාචාර්ය David Armstrong සඳහන් කරන්නේ, ස්ක්‍රීන් භාවිතය පිළිබඳව දෙමාපියන් තුළ පවතින බිය පදනම් විරහිත බවයි. වැදගත් වන්නේ ළමුන් Screen එක දෙස බලා සිටින කාල සීමාව නෙවෙයි, ඔවුන් නරඹන අන්තර්ගතය සහ එය භාවිත කරන ආකාරය බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, Sydney Children's Hospital හි සායනික මනෝවිද්‍යාඥ Adam Guastella පවසන්නේ, ළමුන්ගේ සමාජීය සහ බුද්ධිමය වර්ධනය සඳහා ශාරීරික ක්‍රියාකාරකම් සහ සැබෑ ලෝකයේ සම්බන්ධතාවල සමබරතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි.



