Sunshine Coast හි Sippy Downs ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පරිශ්‍රයකදී සිදු වූ අවාසනාවන්ත රථ අනතුරකින් මියගිය Elijah Gosden නමැති කුඩා දරුවාගේ පවුල වෙනුවෙන් පැය 48ක් ඇතුළත ඩොලර් 25,000කට වැඩි මුදලක් රැස්කර දීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
පසුගිය සඳුදා පස්වරුවේ Scholars Drive ආසන්නයේදී වාහනයකට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම කුඩා දරුවා, රෝහල්ගත කිරීමට පෙරම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.
දරුවාගේ මරණයෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින පවුලේ අවමංගල්‍ය කටයුතු සහ අනෙකුත් වියදම් සඳහා සහය වීම වෙනුවෙන් Teagan Elliott නැමැත්තිය විසින් ආරම්භ කරන ලද GoFundMe අරමුදලට, අද වන විට ඩොලර් 27,000කට අධික මුදලක් එකතු වී ඇති බවයි වාර්තා වන්නේ.


