Perth හි Sorrento Beach හිදී සිදුවූ දරුණු මෝර ප්රහාරයකින් පසුව පුද්ගලයෙකු මියගොස් ඇති බවට සැකකෙරෙන අතර, මෙම අවාසනාවන්ත සිදුවීම ඇසින් දුටු පිරිස දැඩි කම්පනයට පත්ව සිටිනවා.
අද පෙර්වරු 10.30ට පමණ වෙරළේ සිට මීටර් 50ක් පමණ දුරින් පීනමින් සිටි මෙම පුද්ගලයාට මෝරා ප්රහාරය එල්ල කර ඇති අතර, වෙරළේ සිටි බොහෝ දෙනෙකු ඉදිරිපිටදීම මෝරා ඔහුව අමානුෂික ලෙස ඩැහැගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය වූ ස්ථානයට ගුවන් නිරීක්ෂණ යානා සහ Water Police යෙදවා ඇති අතර, Great White Shark වර්ගයේ මෝරෙකු එම ප්රදේශයේ සිටිනු නිරීක්ෂණය වී තිබෙනවා.
මෙම ප්රහාරයෙන් පසු Sorrento Beach ඇතුළු ආසන්න වෙරළ තීරයන් කිහිපයක්ම සෙනසුරාදා දහවල් වන තෙක් වසා දැමීමට City of Joondalup බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙය මෙම සතිය තුළ Western Australia ප්රාන්තයෙන් වාර්තා වූ දෙවන මෝර ප්රහාරයයි.



