South Australia හි Mid North ප්‍රදේශයේ සිදුවූ සැකකටයුතු ගිනිගැනීමකින් මෝටර් රථ දෙකකට දැඩි හානි සිදුවී තිබෙනවා.
අද උදෑසන 5.00 ට පමණ Port Pirie West හි Fourth Street හි පිහිටි නිවසක ගබඩා කාමරයක (shed) මෙම ගින්න හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදාව මැදිහත් වී ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ගබඩා කාමරය තුළ තිබූ මෝටර් රථ දෙකටම දැඩි හානි සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙම ගින්න යම් අයෙකු විසින් සිතාමතා තබන ලද්දක් බවට සැකකෙරෙන අතර, ගින්න හටගත් අවස්ථාවේදීම පුද්ගලයෙකු එතැනින් පලායනු දැක තිබෙනවා.
මේ පිළිබඳව තොරතුරක් දන්නේ නම් 1800 333 000 අංකයෙන් හෝ crimestopperssa.com.au වෙබ් අඩවිය හරහා Crime Stoppers වෙත තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



